අද පැරදුනොත් ගෙදර දින්නොත් ඉදිරියට

අද පැරදුනොත් ගෙදර දින්නොත් ඉදිරියට

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් සුපිරි කණ්ඩායම් හතර අතර ස්ථාන හිමිකරගන්නා මීළඟ කණ්ඩායම කවුරුන්ද යන වග තීරණය කෙරෙන ශ්‍රී ලංකා, බංග්ලාදේශ තරගය අද (01 වැනිදා) රාත්‍රී 7.30ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. එසේම අද තරඟයෙන් පරාජය වන කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.

අද (01 වැනිදා) පැවැත්වෙන තීරණාත්මක තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (31 වැනිදා) පස්වරුවේ පැවැති පුහුණු සැසියෙන් අනතුරුව නම් කරන බව දඟ පන්දු යැවීමේ පුහුණකරු පියල් විජේතුංග කියා සිටියේය. ඔහු වැඩිදුරටත් කීවේ අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සහභාගි වීමට වැඩි ඉඩක් පවතින බවයි. ඒ අනුව ධනංජය ද සිල්වාට අද තරගයේදී කණ්ඩායමේ ස්ථාන හිමිවන බව සැලවෙන අතර වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුටද කණ්ඩායමේ ස්ථානයක් හිමි වීමේ වැඩි අවස්ථාවක් පවතී.

මේ දක්වා දෙරට අතර පවත්වා තිබෙන විස්සයි විස්ස ක්‍රිකට් තරග 12ක් අතරින් ශ්‍රී ලංකාව තරග 08ක් ජයගන්නා අතරවාරයේදී බංග්ලාදේශයට හිමිව ඇත්තේ තරග 04ක ජය පමණි. අවසන් වරට මොවුන් ඉකුත් 2021 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එකිනෙකා හමු අතර සාජා ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් හිමිවිය.

COMMENTS