වසර 4කදී ශ්‍රී ලංකාව ගොඩගන්නා IMF සැලැස්ම

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද ( 01) නිල වශයෙන් නිවේදනය කළේ ය.
ඒ අනුව, ශ්‍රී ලංකාවට මාස 48ක වැඩපිළිවෙළක් යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේදී ලබා දීමට නියමිත ය.
පීටර් බෲවර් සහ මසහිරෝ නොසාකිගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායම අගෝස්තු 24 වන දා මෙරටට පැමිණි අතර එහිදී ශ්‍රී ලංකාවට අවශ්‍ය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පිළිබඳව සහ මෙරට බලධාරීන්ගේ විස්තීරණ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව අද මේ බව නිවේදනය කළේ ය.
එය මෙරට මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කරමින්, දූෂණ අවදානම් අවම කරමින් සහ මෙරටවර්ධන විභවයන් අගුළු හරිමින්, සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ශ්‍රී ලංකාවේ වැඩසටහනට සහය වනු ඇතැයි පීටර් බෲවර් සහ මසහිරෝ නොසාකි ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, එම ගිවිසුම ඉදිරි කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය සහ විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ය.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන IMF වැඩසටහනේ ප්‍රධාන අංග පහත දැක්වේ.
- රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයට සහය වීම සඳහා මූල්‍ය ආදායම ඉහළ නැංවීම. ලෝකයේ අඩු ම ආදායම් මට්ටමකින් ආරම්භ වන මෙම වැඩසටහන මගින් ප්‍රධාන බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනු ඇත. මෙම ප්‍රතිසංස්කරණවලට පුද්ගලික ආදායම් බදු සංශෝධනය කිරීම සහ ආයතනික ආදායම් බදු සහ වැට් බදු සඳහා බදු පදනම පුළුල් කිරීම ඇතුළත් වේ. 2024 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක ප්‍රාථමික අතිරික්තයක් කරා ළඟාවීම වැඩසටහනේ අරමුණයි.
- රජය සතු ව්‍යවසායයන්ගෙන් පැන නගින මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා ඉන්ධන සහ විදුලිය සඳහා පිරිවැය-ප්‍රතිසාධනය පදනම් කරගත් මිල ගණන් හඳුන්වා දීම.
- බලධාරීන් විසින් දැනටමත් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති සැලකිය යුතු ආදායම් පියවර සහ බලශක්ති මිල ප්‍රතිසංස්කරණ පිළිබඳව IMF කණ්ඩායම පිළිගෙන තිබේ.
- සමාජ වියදම් ඉහළ නැංවීම මගින් දුප්පතුන් සහ අවදානමට ලක්වූවන් මත වත්මන් අර්බුදයේ බලපෑම අවම කිරීම සහ සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන් ආවරණය සහ ඉලක්ක කිරීම වැඩිදියුණු කිරීම.
- දත්ත මත පදනම් වූ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග, රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම, මූල්‍ය මූල්‍යකරණය ඉවත් කිරීම සහ නම්‍යශීලී උද්ධමනය ඉලක්ක කරගත් පාලන තන්ත්රයක් අනුගමනය කිරීමට ඉඩ සලසන ශක්තිමත් මහ බැංකු ස්වාධිපත්‍යය හරහා මිල ස්ථාවරත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීම. නව මහ බැංකු පනතක් මෙම උපාය මාර්ගයේ මූලික අංගයකි.
- වැඩසටහන යටතේ ඇති විස්තීරණ ප්‍රතිපත්ති මගින් අනුග්‍රහය දක්වන වෙළඳපොළ තීරණය කරන ලද සහ නම්‍යශීලී විනිමය අනුපාතිකයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම හරහා විදේශ සංචිත නැවත ගොඩ නැගීම.
- යහපත් සහ ප්‍රමාණවත් ලෙස ප්‍රාග්ධනීකරණය වූ බැංකු පද්ධතියක් සහතික කිරීම සහ සංශෝධිත බැංකු පනතක් සමග මූල්‍ය අංශයේ ආරක්ෂිත උපක්‍රම සහ නියාමන ප්රමිතීන් වැඩිදියුණු කිරීම මගින් මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම.
- මූල්‍ය විනිවිදභාවය සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම, ශක්තිමත් දූෂණ විරෝධී නෛතික රාමුවක් හඳුන්වා දීම සහ IMF තාක්ෂණික සහය මගින් ගැඹුරින් පාලනය නිරීක්ෂණය කිරීම තුළින් දූෂණ අවදානම් අවම කිරීම.
වැඩිදුර කියවන්න:

