පාන් ගෙඩියක් රුපියල් 300ට නගී

තිරිඟු පිටි වෙළඳපොලෙන් වැඩි මිලකට මිල දී ගැනීමට සිදුව ඇති බැවින් ග්රෑම් 450 ක පාන් ගෙඩියක් රුපියල් 300කට පමණ අලෙවි කිරීමට සිදුව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන්.කේ. ජයවර්ධන කියා සිටියේ මේ වනවිට ඉන්දියාවෙන් ආනයනය කෙරෙන කිලෝග්රෑම් 50 තිරිඟු පිටි මිටියක් රුපියල් විසි දහස ඉක්මවීම ඊට හේතුව බවයි.
මේ හේතුවෙන් ඇතැම් බේකරි පවත්වාගෙන යෑමට නොහැකිව වසා දමා ඇති බව ද ඔහු සඳහන් කළා.

