ශ්‍රී ලංකාවේ අර්බුදයට සහායක් වෙන්න චීනයත් සූදානමක

ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා අනෙකුත් රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීනය ප්‍රකාශ කර තිබෙනවා.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Zhao Lijian පවසා ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීනය දැඩි අවධානය යොමු කර ඇති බවයි.
ඒ අනුව වත්මන් තත්ත්වය මැඩපවත්වා ගැනීමට ණයගැති අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා ප්‍රකාශ කර තිබෙනවා.
එසේම චීනය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට උපරිමයෙන් සහාය ලබා දී ඇති බව ද ඔහු ප්‍රකාශ කර ඇති බවයි පැවසෙන්නේ.

