ඉදරි මැච් දෙකම දිනලා, ෆයිනල් එකත් දිනලා, ආසියානු කුසලානය ගෙන ඒම අරමුණයි

ඉදරි මැච් දෙකම දිනලා, ෆයිනල් එකත් දිනලා, ආසියානු කුසලානය ගෙන ඒම අරමුණයි

ඉදිරි තරඟ ජයගනිමින් ශ්‍රී ලංකාවට ආසියානු කුසලානය ගෙන ඒම, කණ්ඩායමේ අරමුණ බව දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ප්‍රකාශ කළා.

ඒ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඊයේ (03) පැවති තරඟය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම හොඳින් පන්දු රැකීම සිදුකරමින් පන්දු යවන්නන්ට සහය ලබාදීමට කණ්ඩායම හොඳින් පුහුණුවීම් නිරන්තරයෙන් සිදු කරන බව ද ඔහු සඳහන් කළා.

මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි වටයේ දෙවන තරගය අද පැවැත්වෙනවා.

ඒ, ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම සමඟයි.

එම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.