මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර T20 පිටියට ආයුබෝවන් කියයි

බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර T20 තරඟ පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
ඔහු සිය විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් වන නිල නිවේදනය සිය ට්විටර් ගිණුමෙහි තබා තිබෙනවා.
රහීම් එහිදී කියා සිටින්නේ, T20 තරඟවලින් සමුගෙන එක්දින හා ටෙස්ට් තරඟ වෙත සිය පූර්ණ අවධානය යොමු කිරීමට තමා බලාපොරොත්තු වන බවයි.
මුෂ්ෆිකර් රහීම් එරට කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා මෙන්ම දක්ෂ පිතිකරුවෙකු ද වෙනවා.


