ඇල්ල ඔඩිසි ගමන් වාර සංඛ්‍යාව වැඩි කෙරේ

ඇල්ල ඔඩිසි ගමන් වාර සංඛ්‍යාව වැඩි කෙරේ

උඩරට මාර්ගයේ සති අන්තයේ ධාවනය වන “ELLA ODYSSEY” දුම්රිය ලබන 08 වැනිදා සිට දැනට ධාවනය වන දුම්රියට අමතර තව ගමන් වාර දෙකක් ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටී.එස්. පොල්වත්තගේ මහතා පවසනවා.

දේශීය සංචාරකයින්ගේ ඉල්ලීම පරිදි ධාවනය කෙරෙන මෙම දුම්රිය සෑම බ්‍රහස්පතින්දා දිනකම කොළඔ සිට බදුල්ල දක්වාත් සෑම සිකුරාදා දිනකම බදුල්ලසිට කොළඔ දක්වාත් ධාවනය කෙරේ.

මේ සදහා ආසන වෙන් කිරීම 2022.09.02 දින ප.ව.03.00 සිට සිදු කෙරෙන අකර දුම්රියේ ගමන් කිරීමට නියමිත දිනට දින 14 ක කාලයක් තුළ ආසන වෙන් කළ හැකි බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩි දුරටත් පැවසීය.

COMMENTS