ඉදිරියේදී තිරිඟු පිටි හිඟයක් ඇති නොවන බව ඇමති කියයි

ඉදිරියේදී තිරිඟු පිටි හිඟයක් ඇති නොවන බව ඇමති කියයි

තිරිඟු පිටි නිෂ්පාදන ධාරිතාව ඉහළ දමන ලෙසට මේ වනවිටත් මහ පරිමාණ තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් වෙත ඉල්ලීමක් කර ඇති බව වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබේ.

අද (05) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදි අමාත්‍යවරයා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය හමුවේ මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඉදිරියේදී තිරිඟු පිටි හිඟයක් ඇති නොවන බවත්, පිටි මිල ඉහළ දැමීමට අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එමෙන් ම මේ මොහොතේ තිරිඟු පිටි සඳහා පාලන මිලක් පැනවීම ප්‍රායෝගික නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.

COMMENTS