පාකිස්ථානයෙන් ඉන්දියාවට පාඩමක්

ආසියානු කුසලාන තරඟාවලියේ පාකිස්ථානය සහ ඉන්දීය කණ්ඩායම අතර සුපිරි හතර දෙනාගේ වටයේ ඊයේ (04) පැවැති දෙවන තරඟය කඩුලු 5කින් ජය ගැනීමට පාකිස්ථානය සමත් වුණා.
ඉන්දියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 181ක් රැස් කිරීමට සමත් වූ අතර විරාත් කෝලි ලකුණු 60ක් රැස් කිරීමට සමත් වුණා.
ලකුණු 182ක ජයග්රාහි ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසියේ බාබර් අසාම් සමඟින් මොහොමඩ් රිස්වාන්.
බාබර් අසාම් ලකුණු 14කට දැවී ගිය අතර මොහොමඩ් රිස්වාන් ලකුණු 71ක් ලබාගත්තා. පන්දු 51කින් ඔහු ලකුණු 71ක් ලබාගත්තේ හතරේ පහර 6ක් සහ හතරේ පහර දෙකක් ද සමගින්.
මොහොමඩ් නවාස් ලකුණු 42යි. ඔහු පන්දු 20ක් තුල වේගවත් ලකුණු 42ක් ලබාගත් අතර ඒ හතරේ පහර 6ක් සහ හයේ පහර දෙකක් සමගින්.
ඒ අනුව පාකිස්ථානය පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ජයග්රාහී ඉලක්කය පසු කළා.
ආසියානු කුසලාන තරගාවලියේ තීරණාත්මක මීළඟ තරගය හෙට පැවැත්වෙනවා. ඒ ශ්රී ලංකාව සහ ඉන්දියාව අතරයි.

