ආරක්ෂණ බදු පනත වැඩි ඡන්දයෙන් සම්මතයි

ආරක්ෂණ බදු පනත වැඩි ඡන්දයෙන් සම්මතයි

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 91ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 10ක් ලැබිණි.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (08) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණි.

අදාළ පනත් කෙටුම්පත විවාදයකින් තොරව පෙරේදා දිනයේ සම්මත කර ගැනීමට නියමිතව තිබුණ ද පනත් කෙටුම්පත සඳහා විවාදයක් අවශ්‍ය බවට මන්ත්‍රීවරුන් සිදු කළ ඉල්ලීමකට අනුව එම විවාදය අද පැවැත්විණි.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කර ඇති හෙයින් ඒ සඳහා විවාද කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා යන මහත්වරුන් කතානායකවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව එම තීරණය ගනු ලැබිණි.

ඒ අනුව, අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ 2022 වර්ෂය සඳහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාව සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය වෙනත් දිනයකදී පැවැත්වීමට නියමිත ය.

COMMENTS