රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් අද දිවුරුම් දෙයි

නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (08) සිදු වන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු පමණ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.
අද දිවුරුම් දෙන රාජ්‍ය ඇමතිවරුන්ගෙන් බහුතරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බව ද සඳහන්.
මේ අතර, දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට නව කැබිනට් මණ්ඩලයක් ඉදිරි සතිය තුළ පත් කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වනවා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ, සර්ව පාක්ෂික වැඩපිළිවෙල යටතේ මෙම නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සියලු දේශපාලන පක්ෂ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවතියත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැහැ.
මෙම නව කැබිනට් මණ්ඩලයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දැනට අමාත්‍ය ධුර දරන මෙන්ම අමාත්‍ය ධූර දැරූ කිහිපදෙනෙකුද ඇතුළත් වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

