අපේ සිංහයන්ව දිරි ගන්වන්න ඩයලොග් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ අලුත් වැඩේ (Photos)

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහක Dialog හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව ආසියානු කුසලානයේ ජයග්‍රහණය අභියස සිටින අපේ සිංහයන්ව දිරි ගැන්වීම වෙනුවෙන් දියත් කෙරුණු Wishing Portal එක පසුගියදා එළි දැක්වුණා.
වසර 8ක දීර්ඝ කාලයකට පසුව එළැඹි මෙම අවසන් මහා තරඟ අවස්ථාව ජයගනිමින් ශ්‍රී ලංකාවට ආසියානු කුසලානය රැගෙන ඒම පිණිස අප ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙත සුබපැතුම් එක්කරන්න ශ්‍රී ලාංකිකයන් හට, මෙම https://dlg.lk/apekollo Wishing Portal එක වෙත පිවිසීමෙන් හැකි වෙනවා.
මෙලෙස සුබ පැතුම් එක් කරන අය අතුරින් වාසනාවන්තයින් 1000 දෙනෙකුට වටිනා Cricket shirts ලබා දීමටද Dialog සූදානමින් සිටියි.
මේ අතර, කොළඹ CR&FC සහ CH&FC පිටියේත්, මාතර සනත් ජයසූරිය පිටියේත්, මහනුවර ගැටඹේ පිටියේත්, අනුරාධපුර රාජාංගනය පිටියේත්, යාපනයේ කලයි මති ක්‍රීඩා සමාජ පිටියේත් ආසියානු කුසලාන අවසන් මහා තරගය දැවැන්ත තිර ඔස්සේ සජීවීව විකාශය කිරීමටද කටයුතු යොදා තිබේ.
සුපිරි හතරදෙනාගේ වටය යටතේ පෙරළිකාර ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ප්‍රබල ඉන්දියාව ද පරදවමින් කල් ඇතිවම අවසන් මහා තරඟයට අවස්ථාව තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහකාර ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මහතා මෙහෙදී අදහස් දක්වා තිබුණා,
“දශකයට ආසන්න කාලයක් පුරා අප ක්‍රිකට් ක්‍රීඩාවට ලබාදුන් සහයෝගය සහ අප තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් විශ්වාසය තැබීම පිළිබඳව ජාතික කණ්ඩායමේ අනුග්‍රාහකයා වන ඩයලොග් ආසිආටා වෙත මගේ හදපිරි ස්තුතිය පිරිනමනවායි.” යි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහකාර ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මහතා සඳහන් කළා.“මෙවැනි වැඩසටහනක් මගින් මෙවන් මොහොතක රටට මෙන්ම අප ක්‍රීඩකයන්ටද අත්‍යවශ්‍ය වන චිත්ත ධෛර්යය සැපයීමට මනා පිටුවහලක් වනවා. මෙවැන් වැඩසටහනක් ක්‍රියාවට නැංවීම පිළබඳව ඩයලොග් වෙත මාගේ කෘතඥතාව පළකරනාවා’යි ඒ මහතා වැඩිදුරටත් පවසා තිබුණා,
ආසියානු කුසලාන අවසන් තරගය Dialog Television නාලිකා අංක 73 (SD), 130 (HD) ඔස්සේ සහ Dialog Viu mobile app සජීවීව විකාශය කිරීමට සුදානම්ව සිටියි.









