එලිසබෙත් මහ රැජිණ දිවි ගමන නිමා කරයි

එලිසබෙත් මහ රැජිණ දිවි ගමන නිමා කරයි

බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයයේ වැඩිම කලක් කිරුළ දැරූ දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරනවා.

96 හැවිරිදි වියේ පසුවූ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝරාල් මාලිගයේදී අභාවප්‍රාප්ත වූ බව එම නිවේදනයේ දැක්වේ.

වයස අවුරුදු 26 දී එක්සත් රාජධානියේ කිරුළ හිස දරාගත් දෙවන එළිසබෙත් මහ රැජින බ්‍රිතාන්‍ය කිරුළ හොබවන ලද කාලය වසර 70 කි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ ඔහුගේ ආර්යාව වන කැමිලා පාකර් ඇතුළු රාජකීය පවුලේ සමිපතයින් ඊයේ දහවල් බ්‍රිතාන්‍යයේ සිට ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝරාල් මාලිගය වෙත ගුවන් මගින් පැමිණි බවයි.

මේ අතර දෙවන එලිසබෙත් රැජිණගේ අභාවයෙන් පසුව බ්‍රිතාන්‍යයේ රජු ලෙස චාල්ස් කුමරු පත් කෙරුණු ඇත.

අභාවප්‍රාප්ත වූ එළිසබෙත් රැජිනගේ දේහය හෙට ලන්ඩනයට රැගෙන එන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

https://bit.ly/3qmZCOP