ඔන්ලයින් මැණික් අලෙවිය ඇරඹෙයි

ඔන්ලයින් මැණික් අලෙවිය ඇරඹෙයි

ඇමරිකානු ඩොලර් 3000 ක් දක්වා වටිනාකමකින් යුත් මැණික් හා ස්වර්ණාභරණ මාර්ගගත ක්‍රමයට ජාත්‍යන්තර වෙළඳපොලට අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබෙනවා.

මීට පෙර එම සීමාව පැවතියේ ඇමරිකානු ඩොලර් 300 ක සීමාව තුළයි.

අපනයන ආදායම ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් නව ලිහිල් කිරීම් සිදුකර තිබෙනවා.

මේ අනුව මෙරට ඕනෑම තැපැල් කාර්යාලයක් හරහා මූලික රේගු අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වෙබ් අඩවියට පිවිස මැණික් හා ස්වර්ණාභරණ මාර්ගගත ක්‍රමය ඔස්සේ අපනයනය කිරීමට එම ක්‍ෂේත්‍රයේ නියැළී සිටින ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලැබේ.

පසුගිය වසරේදී මැණික් අපනයනයෙන් ශ්‍රී ලංකාව උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 297 ක්.