පාසල් ළමුන්ට චීනයෙන් හාල්

පාසල් ළමුන්ට චීනයෙන් හාල්

සිසුන් දස ලක්ෂයකට ආසන්න පිරිසකට සහල් ආධාර ලබා දීම සඳහා චීනය සහල් මෙට්‍රික් ටොන් 5,000 ක ප්‍රදානයක් සිදු කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සහ චීන තානාපති කී සෙන්හොංග් ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී මෙම ප්‍රදානය සිදු කෙරුණු බවයි.

ඒ අනුව තෝරාගත් පාසල් 7,925ක ක්‍රියාත්මක මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් ප්‍රමාණයෙන් 78%ක ප්‍රමාණයක් ආවරණය වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.