බෝට්ටුවක් පෙරලී 11කගේ දිවි තොර වෙයි

මගී බෝට්ටුවක් පෙරලීමෙන් බ්‍රසීලයේ පුද්ගලයින් 11 දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එහිදී තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මරාජෝ දූපතේ සිට බ්‍රසීලයේ උතුරු දිග පිහිටි පාරා නගරය වෙත ගමන් කළ බෝට්ටුවකුයි මෙලෙස පෙරලී ගොස් ඇත්තේ.
මෙහිදී දියේ ගිලුණු පුද්ගලයින් 63 දෙනෙකු ගලවාගෙන ඇති අතර, තවදුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

