මධ්‍යම පළාතේ අනාරක්ෂිත ස්ථාන පිළිසකර කරන්නැයි නියෝගයක්

කුරුණෑගල මෙන් අවාසනාවන්ත සිදුවීමක් ඇතිවීමට පෙර මධ්‍යම පළාතේ මාර්ග ආසන්නයේ පවතින අනාරක්ෂිත ස්ථාන පිළිසකර කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ එම පළාත් කොමසාරිස්වරයාට නියෝග කර තිබෙනවා.
පසුගියදා ඇද හැලුනු ධාරානිපාත වර්ෂාවත් සමඟ කුරුණෑගල බණ්ඩානාරයක මාවතේ ගමන් කරමින් සිටි 14 හැවිරිදි පාසල් දරුවෙකු බෝක්කුවකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
ඉන් අනතුරුවයි මධ්‍යම පළාතේ ද මෙවැනි ස්ථාන පවතින්නේදැයි සොයා බලන ලෙස පළාත්පාලන කොමසාරිස්වරයාට දැනුම්දී ඇත්තේ.

