ඊයේ මැච් එකත් ලංකාව දිනුම්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ පාකිස්ථානයට එරෙහිව ඊයේ (09) තරඟයේදි කඩුළු 5ක ජයක් වාර්තා කිරීමට සමත් විය.
මෙම තරඟයේ මුලින් ම පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 19යි එක්පන්දුවක් තුළ සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 121ක් පමණීයි.
පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරනු ලැබුවේ කණ්ඩායමේ නායක බාබර් අසාම් විසිනි.
ඔහු රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 30කි, මොහොමඩ් නවාස් ලකුණු 26යි, මොහොමඩ් රිස්වාන් ලකුණු 14යි, ෆකර් සමාන් ලකුණු 13යි, ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 13යි
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.
මහීෂ් තීක්ෂණ කඩුළු 2යි, ප්‍රමෝද් මධුෂාන් කඩුළු 2යි, ධනංජය ද සිල්වා කඩුළු 1යි, චාමික කරුණාරත්න කඩුළු 1යි
ඒ අනුව මෙම තරඟය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා පිල ලකුණු 122 ක් රැස්කර ගත යුතුව තිබිණි.
ශ්‍රී ලංකා පිල පන්දුවාර 17කදි කඩුළු 5ක් දැවී ලකුණු 125ක් ලබාගෙන තරඟයේ ජය වාර්තා කළේය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 55ක් රැස්කර ගැනීමට සමත් විය.
භානුක රාජපක්ෂ ලකුණු 24යි.දසුන් ශානක ලකුණු 21යි.
තරඟයේ වීරයා සම්මානය වනිඳු හසරංගට හිමිවුණා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (11) ඉරිදා ඩුබායිහිදී පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පාකිස්ථානය අතරයි.




