ශ්රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු තරඟාවලියේ අවසන් මහා තරඟයට

අවසන් පූර්ව වටයේදී හොංකොං කණ්ඩායම පරාජයට පත් කළ ශ්රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරතා දැල්පන්දු තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තා.
අද පැවති තරඟයේදී ශ්රී ලංකා ක්රීඩිකාවන් හොංකොං කණ්ඩායම පරාජය කළේ 67ට 43 ක් ලෙසයි.
මෙම ජයග්රහණයත් සමඟ 2023 වසරේ දකුණු අප්රිකාවේ පැවැත්වීමට නියමිත කාන්තා දැල් පන්දු ලෝක ශූරතාව සඳහාත් ශ්රී ලංකාව අද සුදුසුකම් ලබා ගත්තා.



