ආසියානු දැල් පන්දු ශූරතාව දිනා ගත් ශ්රී ලංකා කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්

සිංගප්පූරු කණ්ඩායම පරදා ආසියානු දැල් පන්දු ශූරතාව හිමි කරගත් ශ්රී ලංකා කණ්ඩායමට ජනාධිපති රනිල් වික්රමසිංහ සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.
සිංගප්පූරුවේ පැවැත්වුණු ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගැනීමට ශ්රී ලංකා දැල් පන්දු කණ්ඩායම සමත්වුණා.
ඒ, සිංගප්පූරු කණ්ඩායම ලකුණු 63ට 53ක් ලෙස පරාජයට පත් කරමින්. ශ්රී ලංකාව මෙලෙස ආසියානු දැල්පන්දු ශූරතාවලියක් ජයග්රහණය කර ඇත්තේ හයවන වරටයි.

