51 වන ජගත් මානව හිමිකම් සැසිය අද ඇරඹෙයි

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 51 වන නිත්‍ය සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද (12) ආරම්භවීමට නියමිතයි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සැසිවාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්රමුඛ නියෝජිත කණ්ඩායමක් එක්වනු ඇති.
එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයා අද මෙම සැසිවාරය ඇමතීමට ද නියමිතයි.
ලොව පුරා සියලුම මානව හිමිකම් ප්‍රවර්ධන සහ ආරක්ෂා කිරීම සඳහා වගකිවයුතු රාජ්‍යයන් 47 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ අන්තර් රාජ්‍ය ආයතනයක් වන මානව හිමිකම් කවුන්සිලය වසර පුරාවට සිය අවධානය යොමුකළ යුතු සියලු මානව හිමිකම් ගැටළු සහ තත්ත්වයන් සාකච්ඡා කරනු ලබනවා.

