ගෙවන්න සල්ලි නැතිව තෙල් නැව් මුහුදේ

ඩොලර් හිඟය හේතුවෙන් මෙරටට ළඟා වූ ඉන්ධන නෞකාවලට ගෙවීම් කිරීමට මෙතෙක් නොහැකි වී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
සති 3 කට ආසන්න කාලයක් කොළඹ වරායේ බොරතෙල් නෞකාවක් නැංගුරම්ලා තිබුණ ද ඊට මුදල් ගෙවීමට මෙතෙක් හැකි වී නැත.
තවත් ඩීසල් නෞකා 2 ක් සතියකට අධික කාලයක් කොළඹ වරායේ නැංගුරම්ලා තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයය පැවසුවේ, නෞකා සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය ඩොලර් ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කර පියවර ගන්නා බවයි.

