පාන් පිටි, බිත්තර, මස් සහ මාළු අර්බුදයෙන් රටපුරා හෝටල් 10,000ක් වැහිලා

රටපුරා ඇති හෝටල් ඇතුළු ආපණ ශාලා 30,000න් 10,000ක් පමණණ පාන් පිටි, බිත්තර, මස් සහ මාළු අර්බුදය හේතුවෙන් සම්පූර්ණයෙන් වසා දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ රාජ්‍ය ආයතනවල සහ පාසල් කැන්ටින්ද දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙන බව යි.
මේ අතර බිත්තර වැඩි මිලට අළෙවි කළ ව්‍යාපාරිකයින් 80 දෙනෙකුට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එහි සභාපති ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කළේ, බිත්තරයක් රුපියල් 50 කට වඩා වැඩි මිලට අළෙවිකරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව ය.
දිගින් දිගටම වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව සභාපතිවරයා පැවසීය.

