ඉන්දියාවෙන් තවත් ලංකාවට ණය නැහැ

ඉන්දියාවෙන් තවත් ලංකාවට ණය නැහැ

මේ වන විට ශ්‍රී ලංකාව බිඳ වැටී ඇති සිය ආර්ථිකය යථාවත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කර ඇති බැවින් ශ්‍රී ලංකාව සඳහා තව දුරටත් අරමුදල් ලබා දීමට ඉන්දියාව සැලසුම් නො කරන බව වාර්තා වෙනවා.

මේ වන විටත් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට මූල්‍යමය සහ ද්‍රව්‍යමය වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට පිරිනමා තිබෙනවා.

මේ වසර තුළ දී ශ්‍රී ලංකාවට වැඩිම ආධාර ප්‍රමාණයක් සපයා ඇත්තේ ඉන්දියාව විසින්. කෙසේ වෙතත් ඉන්දීය ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ඉන්දියාව මෙම තීරණය ගැනීමේ දී මේ වන විට ශ්‍රී ලංකාවේ යථාවත් වන ආර්ථික තත්වය ද සැළකිල්ලට ගෙන ඇති බවයි.

ඉන්දියාවේ මෙම තීරණය පුදුමයට කරුණක් නොවන බවත් මීට පෙර ඉන්දියාව මේ පිළිබඳ “සංඥාවක්” ලබා දී තිබූ බවත් ශ්‍රී ලංකා රජයේ ආරංචි මාර් ග ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

https://reut.rs/3eLpVLP