පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 06 කට අධිචෝදනා භාර දෙයි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 06 කට අධිචෝදනා භාර දෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් ඉන්ෆාස් නැමැත්තා සමග බලපත්‍ර නොමැතිව බෝම්බ නිෂ්පාදනය කිරීම සහ ඊට අධාර අනුබල දීම ඇතුලු චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබෙනවා.

නීතිපතිවරයා ගොනු කළ එම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ භාර දී තිබෙනවා.