බංග්ලාදේශයේ ටකා මුදල් ඒකකය බාල්දු වෙයි

ආනයනය වියදම් ඉහළ යාම හමුවේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව බංග්ලාදේශයේ ටකා මුදල් ඒකකය පසුගිය සතියේ දී සියයට 11කින් අවප්‍රමාණය වී තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ ඉල්ලුම සැපයුම මත තීරණය වන අයුරින් පා වෙන විනිමය අනුපාතිකයන් පවත්වාගෙන යාම තීරණය කර ඇති බව යි එරට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාවේ මෙන් බංග්ලාදේශයේ ද විදේශ සංචිත අඩු වී ඇති අතර, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂික් හසීනා ප්‍රකාශ කර ඇත්තේ, කඩිනමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ලබාගැනීමට අපේක්ෂා කරන බව යි.

