වසීම් අක්‍රම්ගෙන් රසල්ට වටිනා තෑග්ගක්

වසීම් අක්‍රම්ගෙන් රසල්ට වටිනා තෑග්ගක්

පාකිස්ථාන හිටපු සුපිරි පන්දු යවන්නෙකු වන වසීම් අක්‍රම් විසින් රසල් ආර්නල්ඩ් වෙනුවෙන් අපූරු තෑග්ගක් පිරිනමා තිබෙනවා.

ඒ වසීම් අක්‍රම් ඔහුගේ 400 වැනි ටෙස්ට් කඩුල්ල වන රසල් ආර්නෝල්ඩ්ට සැමරුමක් ලෙසයි.

ඒ අනුව රසල්ට ලැබී ඇත්තේ 2016 වසරේ දී වසීම් අක්‍රම් සහ ජුනයිඩ් ජම්ෂෙඩ්ගේ සහයෝගයෙන් J. Fragrances සන්නාමය යටතේ හඳුන්වා දුන් ‘වසීම් අක්‍රම් 414’ සුවඳ විලවුන් බෝතලයක්.

ජුනයිඩ් ජම්ෂෙඩ් හා එක්ව වසීම් අක්‍රම් ජුනයිඩ් ෆ්‍රැගන්ස් සන්නාමය යටතේ සුවඳ විලවුන් වර්ග දෙකක් හඳුන්වා දී ඇති අතර ඒවා නම් ඇත්තේ, වසීම් අක්‍රම් 502 සහ වසීම් අක්‍රම් 414 යනුවෙන්.

ඒ වසීම් අක්‍රම් විසින් ටෙස්ට් පිටියේ දවාගත් කඩුළු සංඛ්‍යාව වන 414 සහ එක්දින පිටියේ ලබා ගත් කඩුළු සංඛ්‍යාව වන 502, සිහි වීම සඳහායි.

කෙසේ නමුත්, 1990 දශකයේ අගභාගයේ සිට 2000 දශකයේ මුල් භාගය දක්වා ක්‍රිකට් පිටියේ එදිරිවාදීන් ලෙස ක්‍රීඩා කළ පකිස්ථානයේ වසීම් අක්‍රම් සහ ශ්‍රී ලංකාවේ රසල් ආනල්ඩ්, වර්තමානය වන විට විස්තර විචාරක කුටියේ හොඳ බැඳීමකින් කටයුතු කරන ලොව ම ආදරය කරන විස්තර විචාරකයන් දෙදෙනෙක්.

https://bit.ly/3Bly7Kz