මර්දනයට එරෙහිව අරගලකරුවන් හයිඩ් පිටියෙන් වැඩ පටන්ගනී

මර්දනයට එරෙහිව අරගලකරුවන් හයිඩ් පිටියෙන් වැඩ පටන්ගනී

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව, වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරන මර්දනයට එරෙහි විරෝධතා රැලිය අද පැවැත්වුණා.

හයිඩ් පිටිය අවට ප්‍රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබු අතර ජල ප්‍රහාරක බවුසර පවා රැගෙන විත් තිබු බවයි වාර්තා වුනේ.

මෙම රැළිය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, නිදහස ජාතික සභාව නියොජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර , ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස , පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ, 43 වැනි සේනාංකයේ තීක්ෂණ ගම්මන්පිල ඇතුළු දේශපාලන නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටි බවයි වාර්තා වුනේ.