මුදල් ගෙවා ගැනීමට නොහැකිව තවමත් තෙල් නැව් මුහුදේ

මුදල් ගෙවාගැනීමේ ගැටලු මත බොරතෙල් නෞකා මෙරට මුහුදු සීමාවේ තවදුරටත් නැංගුරම් ලා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සහ ගෙවීමට සිදුව ඇති අධික ප්‍රමාද ගාස්තු පිළිබඳව වෘත්තීය සමිති අදත් අදහස් පළ කළා.
ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ බොරතෙල් ගොඩබෑම සදහා මහභාණ්ඩාගරයෙන් නිසි පරිදි මුදල් ලබා නොදීම හරහා තෙල් පිරිපහදුව වසා දැමීමට උත්සාහ කරන බවයි.

