රුසියාවෙන් ඉන්ධන ණයක් ගන්න සාකච්ඡා

රුසියාවෙන් ඉන්ධන ණයක් ගන්න සාකච්ඡා

රුසියානු ඉන්ධන මිලදී ගැනීම සඳහා ණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් රුසියාව සමඟ සාකච්ඡා දිගටම පවත්වා ගෙන යන බව ශ්‍රී ලංකා ප්‍රවාහන හා මහාමාර් ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර් ධන මහතා ස්පුට්නික් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

ශ්‍රී ලංකාව, ආර්ථික සහ විදේශ විනිමය අර්බුදයෙන් සෙමෙන් යථා තත්ත්වයට පත් වෙමින් සිටින මෙම අවස්ථාවේ රුසියාවෙන් විශාල සහායක් බලාපොරොත්තු වන බවත් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් පවත්වන සාකච්ඡා වල සුභදායී ප්‍රගතියක් තිබෙන බවත් ගුණවර්ධන මහතා එහිදී පෙන්වා දී තිබේ.

මේ දක්වා ඉන්ධන සපයා ගැනීම සම්බන්ධයෙන් රුසියාව සමඟ සිදුකළ සාකච්ඡා ඉහළ සාධනීය මට්ටමක පවතිනවා. පසුගියදා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන රුසියාවේ සංචාරයක නිරතවුණා.

එහිදී ඔහු එරට ප්‍රවාහන අමාත්‍යවරයාද මුණගැසුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රවාහනය විධිමත් කිරීමට උපරිම සහාය ලබාදීම සඳහා එකඟතාව පළවී තිබුණා.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රුසියානු ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ මෙරට දුම්රිය ප්‍රවාහනය විධිමත් කිරීමට නව දුම්රිය බලවේග කට්ටල කිහිපයක් ලබාදෙන ලෙසයි.

ඒ සඳහාද රුසියානු බලධාරීන් එකඟතාව පළ කර තිබෙනවා.

මේ අතර රුසියානු ඒරොෆ්ලොට් ගුවන් සේවය යළි මොස්කව් සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට එකඟතාව පළ කර ඇති බව පසුගිය සතියේ වාර්තාවුණා.