ශ්‍රී ලංකා ලෙජන්ඩ් පිලට තවත් විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා ලෙජන්ඩ් පිලට තවත් විශිෂ්ට ජයක්

රෝඩ් සේෆ්ටි වර්ලඩ් සීරීස් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායම් අතර පැවැති තරගය ලකුණු 11කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩාය සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කාණ්ඩායමට ලබාදී තිබුණි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කාණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කිරීමට සමත් වුණි.

එහිදී ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග ලකුණු 36ක් රැස්කළ අතර ජීවන් මෙන්ඩිස් නොදැවී ලකුණු 43ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ගාර්නට් කෘගර් කඩුලු 2ක් දවාගත් අතර වර්නන් ෆිලැන්ඩර් සහ ජොහාන් බෝතා එක් කඩුල්ල බැගින් දවාගත්හ.

අනතුරුව ලකුණු 166ක ප්‍රබල ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 දැවී ලබාගත හැකිවූයේ ලකුණු 154ක් පමණි.

එහිදී දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායම වෙනුවෙන් මෝර්න් වෑන් වයික් ලකුණු 76ක් රැස්කළ අතර අල්විරෝ පීටර්සන් ලකුණු 22ක් රැස්කළේය.

පන්දුයැවීමේදී නුවන් කුලසේකර කඩුලු 2ක් දවාගත් අතර තිලකරත්න ඩිල්ෂාන්, ඉසුරු උදාන සහ ජීවන් මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවාගත්හ.