අමුද්‍රව්‍ය හිඟයෙන් ඉදිකිරීම් 95% ක් ඇණහිටී

අමුද්‍රව්‍ය හිඟයෙන් ඉදිකිරීම් 95% ක් ඇණහිටී

අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් මේ වනවිට ඉදිකිරීම් ව්‍යාපෘති 95% ක්ම ඇණිහිට ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

එහි උප සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසුවේ, භාණ්ඩ ආනයනය සීමාවීම ද ඊට තවත් ගැටලුවක් වන බවයි.

ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු විශාල පිරිසකගේ ආර්ථිකයට මේ වනවිට දැඩි බලපෑම් එල්ලවී ඇති බව ඔහු පැවසුවේ ය.

මේ අතර මේ වසරේ දෙවන කාර්තුවේදී මෙරට සමස්ත කර්මාන්ත කටයුතු පෙර වසරට සාපේක්ෂව සියයට 10ක පසුබැසීමක් වාර්තා කර තිබෙනවා.

පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන දැව හා දැව ආශ්‍රිත භාණ්ඩ, ලෝහ නිෂ්පාදන, රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදන යන අංශ මෙහිදී ඍණ වර්ධනයක් වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත්, රෙදිපිලි, නිමි ඇඳුම්, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක වර්ධනයන් ද වාර්තා වී ඇති බවයි ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.