යාපනය කොල්ලෙක්ගෙන් රිටි පැනීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක්

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන මලල ක්‍රීඩා සංචිත තේරීම් තරඟාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරන්නට ඒ. පුවිතරන් සමත් වී තිබේ.
ඒ මීටර 5.15ක දක්ෂතාවක් වාර්තා කරමිනි. මේ හේතුවෙන් මීට වසර 5කට පෙර, 2017 වසරේ ශ්‍රී ලංකා වාර්තා ලාභී රිටි පැනීමේ ක්‍රීඩක ඉෂාර සඳරුවන් දියගමදීම වාර්තා කළ මීටර 5.11ක වාර්තාව බිඳ වැටිණි.
මේ අතර එම තරගාවලියේ මීටර 400 ඉසව්ව සඳහා කාලිංග කුමාරගේ සහභාගී වූ අතර ඔහු එහිදී තත්පර 45.70ක කාලයක් වාර්තා කළේය.

