ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනාගේ නියපොතු ගලවා, පහර දී ඇතැයි හෙළි වෙයි

ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනාගේ නියපොතු ගලවා, පහර දී ඇතැයි හෙළි වෙයි

යුක්‍රේනයේදී රුසියානු හමුදාව විසින් මාස 9ක කාලයක් සිර කරනු ලැබ සිටි ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනා වද හිංසාවලට ලක් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

යුක්‍රේන මාධ්‍යවේදිනියක වන මාරියා රොමනෙන්කෝ ට්විටර් පණිවුඩයක් පළ කරමින් අදාළ ශ්‍රී ලාංකිකයින්ගේ ඡායාරූප කිහිපයක් පළ කර ඇත.

ඇය පවසන්නේ, අධ්‍යයන කටයුතු සහ රැකියා සඳහා යුක්‍රේනයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රුසියානු හමුදා විසින් සිර කරනු ලැබ සිටි බව ය.

අදාළ මාධ්‍යවේදිනිය එම ශ්‍රී ලාංකිකයින් හමුවී ඔවුන් සමග සාකච්ඡා කර තිබේ.

ඇය පවසන්නේ, එම ශ්‍රී ලාංකිකයින්ගේ නියපොතු ගලවා, පහර දී වද හිංසාවට ලක්කර ඇති බව ය.

https://twitter.com/rommari/status/1571610912142028802?s=20&t=Kfm5btfooka19ZPt47H5-g

COMMENTS