සිමෙන්ති භාවිතය 19%කින් පහත ගිහින්

මෙම වසරේ මුල් මාස හය තුළ, මෙරට සිමෙන්ති භාවිතය 19%කින් පහත වැටී ඇති බව වාර්තා වනවා.
රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) දහයෙන් පංගුවක් නියෝජනය කරන ඉදිකිරීම් ක්ෂේත්‍රය ද, මෙරට ආර්ථිකයේ හැකිලීම හේතු කරගෙන පසු ගිය කාලවකවානුව තුළ කඩා වැටීමකට ලක්ව තිබීම හේතුවෙන්.
ඒ අනුව පසුගිය වසරේ (2021) ජුනි මාසයට සාපේක්ෂව මෙරට සිමෙන්ත සිමෙන්ති භාවිතය මේ වසරේ ජුනි මාසය වන විට මෙට්‍රික් ටොන් 302,000ක් දක්වා පහත වැටී ඇති අතර එම කඩා වැටීම ප්‍රතිශතයක් ලෙස 47.9%ක්.
එසේ ම මෙම වසරේ ජුනි දක්වා ගත වූ මාස හය තුළ මෙරට සිමෙන්ති පරිභෝජනය පසුගිය වසරේ මුල් මාස හයට සාපේක්ෂව 19%කින් පහත වැටී ඇති අතර එය මෙට්‍රික් ටොන් 2,855,000ක් දක්වා පහත වැටී තිබෙනවා.
තව ද රට මුහුණ දෙන උග්‍ර විදේශ විනිමය හිඟය හේතුවෙන්, පෙර වසරේ ජුනි මාසයේ දී සිමෙන්ති ආනයනය 84%කින් පහත වැවුණු අතර එය ප්‍රමාණයක් ලෙස මෙට්‍රික් ටොන් 35,000ක් වනවා.
මේ අතර අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් මේ වනවිට ඉදිකිරීම් ව්‍යාපෘති 95% ක්ම ඇණිහිට ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.
එහි උප සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසුවේ, භාණ්ඩ ආනයනය සීමාවීම ද ඊට තවත් ගැටලුවක් වන බවයි.
ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු විශාල පිරිසකගේ ආර්ථිකයට මේ වනවිට දැඩි බලපෑම් එල්ලවී ඇති බව ඔහු වැඩි දුරටත් පැවසුවේය.

