දුම්රිය යළිත් පන අදී

දුම්රිය අමතර කොටස් නොමැතිවීම නිසා මේ වන විට දෛනිකව ධාවනය වන දුම්රිය ගමන්වාර 14 ක් පමණ අවලංගු කිරීමට පාලනාධිකාරිය කටයුතු කිරීම හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.
එසේම, දුම්රියවලට අවශ්‍ය ලිහිසි තෙල් නොමැතිවීම සහ එන්ජින් වලට මෙන්ම මැදිරිවලට අවශ්‍ය විවිධ අමතර කොටස් වල දැඩි හිඟයක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එම ගැටලුවලට කඩිනම් මැදිහත් වීමක් සිදුකිරීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කරන්නේ ද යන්න ගැටලුවක් බව ද දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

