කන්න නැති අස්සේ පේරාදෙණිය සරසවියේ නවක වධයත් දීලා – තිදෙනෙක් අත්අඩංගුවට

කන්න නැති අස්සේ පේරාදෙණිය සරසවියේ නවක වධයත් දීලා – තිදෙනෙක් අත්අඩංගුවට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයනාංශයේ සිසුන් පිරිසකට පහර දීමේ නවක වධ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙකු පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, අද (21) උදෑසන සිසුන් තිදෙනෙකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සමග පැමිණ පොලිසියට භාර වී ඇති බව ය.

අත්අඩංගුවට ගත් සිසුන් කලා පීඨයේ සිව් ව නවසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 24ක් වන තල්එළිය, අම්බලන්ගොඩ සහ තුන්මෝදර ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතරුව ඔවුන් පොලිස් ඇප මත මුදා හැර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

දර්ශන :- Ada Derana