මෝටර් රථයක් දුම්රියක ගැටේ – කාන්තාවකට බර පතල තුවාල

අද උදෑසන කැලණිවැලි දුම්රිය මාර්ගයේ දෙල්කඳ, පැඟිරිවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ අනතුරක් සිදු විය.
අනතුර සිදු වුණේ මෝටර් රථයක් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමේදී දුම්රියේ ගැටීමෙනි.
මිරිහාන මූලස්ථාන පොලීසිය පැවසුවේ අඹුසැමි යුවළක් ගමන් ගත් මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බවයි.
අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් කාන්තාව බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අවිස්සාවේල්ල සිට කොළඹ බලා ගමන්ගත් දුම්රිය පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගය අසල දී එලෙස අනතුරට ලක්ව ඇත.

