කාන්තාවන්ට වාරයේ වැඩ දෙන්න යයි

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින අනෙකුත් ආයතනවල මෙහෙයුම් කටයුතු පුළුල් කරමින් කාර්යක්ෂමතාව වැඩි කරන ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පෙරේදා (20) පාර්ලිමේන්තුවේදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ලොව බොහෝ රටවල මෙන් ශ්‍රී ලංකාවේද වරාය තුළ දොඹකර ක්‍රියාකරුවන් ලෙස කාන්තාවන් දැනටමත් රාජකාරී කරන අතර ඉදිරියේදී වැඩි වශයෙන් බදවා ගැනීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.
වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ තෙවන සභාවාරයට අදාළව පෙරේදා (20) පැවැත්වූ පළමු රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියහ.

