බිත්තර සහ කුකුළු මස් මිල තව දුරටත් වැඩි විය හැකියි

තම ව්‍යාපාරය සඳහා අමුද්‍රව්‍ය නො මැතිවීමෙන් ව්‍යාපාරිකයන් ව්‍යාපාරවලින් ඉවත් වීමේ අවදානමක් ඇති බවත්, ඒ සඳහා පිළියමක් වශයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා මුණගැසී කරන ලද ඉල්ලීමකට අනුව ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන සහල් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබුණු බව අද (22) පැවැති මාධ්‍ය හමුවේ දී සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළා.
ව්‍යාපාරවලට අවශ්‍ය අමුද්‍රව්‍ය විදෙස් රටවලින් ගෙන්වා ගැනීමට සිදුවුවහොත් ඩොලර් අවශ්‍ය බවත්, ලංකාවෙ නිෂ්පාදන මිල දී ගැනීමේ දී එම අවශ්‍යතාව පැන නො නගින බවත්, මෙයට උදාහරණයක් වශයෙන් දැනට පාරිභෝගික අධිකාරිය විසින් පනවා ඇති දේශීය සහල් සත්ව ආහාර සඳහා යොදා නො ගන්නා ලෙස කරන ලද ප්‍රකාශය ලිහිල් කර සහල් ලබාදීමට කටයුතු කරන බවයි එම සංගමය ඉල්ලා සිටියේ.
එසේම බිත්තර සහ කුකුළු මස් මිල තව තවත් වැඩි ව්ය හැකි බවත්, රටෙි දරැවන්ගේ මන්ද පෝෂණ තත්වයට එය ද බලපාන බවයි එම සංගමය ප්‍රකාශ කළේ.
මේ අතර ඉරියේ දී මෙම ව්‍යාපාරයන් සඳහා රජයෙන් දිය හැකි සහය උපරිමයෙන් ලබා දෙන බව අමාත්‍යවරයා තමන් වෙත පොරොන්දු වූ බව ද එම සංගමය ප්‍රකාශ කළා.

