සිසුවියක් දිවා ආහාරය සඳහා පොල් මද කෑව කතාව බොරුළු – ජනාධිපති මාධ්‍ය අංශය

සිසුවියක් දිවා ආහාරය සඳහා පොල් මද කෑව කතාව බොරුළු – ජනාධිපති මාධ්‍ය අංශය

දරිද්‍රතාවය හේතුවෙන් සිසුවෙකු දිවා ආහාරය සඳහා කළටි පොල් මද අනුභව කිරීමේ සිද්ධිය අසත්‍ය තොරතුරක් බවට වාර්තාවී තිබෙනවා.

කෙසේ වෙතත්, එවැනි තත්ත්වයකට මුහුණ දෙන ඕනෑම දරුවෙකුට හෝ පවුලකට සහය වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ඒ වෙනුවෙන් වන උපකාර සඳහා 0114354647 ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙසට ජනතාවට දැනුම් දෙනවා.

මිනුවන්ගොඩ අධ්‍යයන කලාපයේ කණිෂ්ඨ ද්විතීයික පාසලක සිසුවියක් පාසල් දිවා ආහාර විවේකයේදී කලටි පොල් මද ආහාරයට ගන්නා ආකාරය ඇගේ පන්ති භාර ගුරුවරිය විසින් දැක තිබු බවටයි වාර්තා වුයේ.

පසුව එම ගුරුවරිය මේ පිළිබඳව ආචාර්ය මණ්ඩලයේ සෙසු පිරිසට ද දැනුම් දී අදාළ දැරිය ඇතුළු තවත් ළමුන් කිහිපදෙනෙකුට ආහාර සපයාදීමටයි කටයුතු කර ඇත්තේ.

අදාළ සිසුවිය 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතරල පාසලේ ශිෂ්‍ය නායිකාවකු ද වන ඇගේ පියාට ස්ථිර රැකියාවක් නොමැති බවත් වාර්තා වුණා.

සබැඳි පුවත :- https://bit.ly/3LBq1C0