අරගලයේ විරෝධතා පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්රහාර

සමාජවාදී තරුණ සංගමය පැවැත්වූ විරෝධතා පාගමනක් පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්රහාර එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කළා.
මර්දනය හකුනාගනු, වහා ඉල්ලා අස්වනු යන මැයෙන් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.
ලිප්ටන් වටරවුමෙන් ආරම්භ කළ විරෝධතා පාගමන ඩීන්ස් පාර හරහා කොළඹ දෙසට ගමන් කිරීමේදී එය විසුරුවා හැරීමටයි පොලීසිය කටයුතු කරනු ලැබුවේ.
මෙහිදී කිහිපදෙනෙකු පොලිස් භාරයට ගත් බව ද වාර්තා වෙනවා.

