නන්දිකඩාල්, නයාරු, සාම්බලතිව් කලපු වන සංරක්ෂිත කලාපයට

නන්දිකඩාල්, නයාරු, සාම්බලතිව් කලපු වන සංරක්ෂිත කලාපයට

නන්දිකඩාල්, නයාරු, සාම්බලතිව් කලපු වන සංරක්ෂිත කලාප බවට පත් කිරීමට තීරණය කර ඇතැයි වනජීවි හා වන සංරක්ෂණ‍ අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ , ජෛව විවිධත්වයෙන් අනූන සාම්බලතිව් කලපුව වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවය.

නයාරු සහ නන්දිකඩාල් කලපු දෙක ආරක්ෂා කර ගැනීමට කරුණු අධ්‍යයනය සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර පියවර ගෙන තිබේ.

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත්, ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක එම කමිටුවට වනජීවී දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ නියෝජිතයින්ද ඇතුළත් ය

සති 02 ක් තුළ මේ සම්බන්ධ වාර්තාවක් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා දැනුම්දී තිබේ.