මිහින්තලේදී පොලිස් නිලධාරියෙකුට ගුටි පූජාවක්

මිහින්තලේදී පොලිස් නිලධාරියෙකුට ගුටි පූජාවක්

ඊයේ සවස 6.15ට පමණ මිහින්තලේ සියඹලාගස්වැව විහාරස්ථානය ඉදිරිපිට දී කල්ලංචිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන සැරයන්වරයෙකු යතුරු පැදියකින් පැමිණ නාඳුනනා දෙදෙනකු මහමඟ බිම දමාගෙන බරපතල ලෙස පහර දි ඇතැයි පොලීසිය සඳහන් කලේ.

පහරදීමට සම්බන්ධ පුද්ගලයින් මේ වනවිට මිහින්තලය පොලිස් ස්ථානයට රැගෙනවිත් විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම පහරකෑමට ලක්වු පොලිස් නිලධාරීයා රඹෑව මාර්ග බාධකයේ ඊයේ දින උදෑසන 06.00 සිට දහවල් 2.00 දක්වා රාජකාරී සිදුකර ඇත.

පසුව මිහින්තලය ප්‍රදේශයේ මිතුරන් කිහිපදෙනෙකු සමග කාලය ගතකර ඇති අදාළ පොලිස් නිලධාරියා යළිත් ඔහු පදිංචිව සිටින කහටගස්දිගිලිය මහපොතාන ප්‍රදේශයට තම පුද්ගලික යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම සිද්ධිය ඇතිවී තිබෙන බවයි වාර්තා වුනේ.

එසේ යමින් සිටියදී මාර්ගයේ ගමන්ගත් වෙනත් යතුරුපැදියක් නවතා පරීක්ෂා කර ඔවුන්ගේ යතුරුපැදියේ යතුර ගලවාගෙන ආපසු ලබානොදීමේ සිද්ධියක් මෙම ගැටුමට හේතුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම පහරදීම සිදුවෙන අවස්ථාවේ මිහින්තලය පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙක් එම ස්ථානයෙන් ගමන් කර ඇති අතර ඔවුන් දෙදෙනා මැදිහත්වී පහරකෑමට ලක්වූ නිලධාරියාව බේරාගෙන ඇත.

පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීයා මෙතෙක් පොලිස් ස්ථානයට පැමිණ හෝ රෝහල්ගතවූ බවට හෝ තොරතුරු නොමැති බව මිහින්තලය පොලිස් ස්ථානයේ නිලධාරීන් පවසයි.

පොලීසිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවය.

වීඩියෝ දර්ශන:- Hiru News