බදුබර සියයට 42කින් ඉහළට

2021 වසරට සාපේක්ෂව මේ වසරේ සාමන්‍ය බදුබර සියයට 42කින් ඉහල ගොස් ඇති බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල ප්‍රකාශ කළා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සිදුකළ අධ්‍යනයකට අනුව සාමාන්‍ය පවුලක බදු බර රුපියල් 28,000ක් පමණ වන බවයි.
මෙරට තුළ උද්ධමනය ඉහල ගොස් ඇත්තේ රජය විශාල වශයෙන් වක්‍රබදු ජනතාව මත පැටවීම හේතුවෙන් බව ද ඔහු එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

