චීනයෙන් රු.මිලියන 660ක ජංගම රසායනාගාර සහිත වාහන 08ක්

නිදන්ගත වකුගඩු රෝග පූර්ව පරීක්ෂණ සඳහා චීනය විසින් රුපියල් මිලියන 660ක් වටිනා ජංගම රසායනාගාර සහිත වාහන 08ක් පරිත්‍යාග කර තිබෙනවා.
වකුගඩු රෝගයෙන් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක 08ක් සඳහා ඒවා යෙදවීමට නියමිත බව යි කොළඹ චීන තානාපති කාර්යාලය පවසන්නේ.
ඒ අනුව, අනුරාධපුරය, පොළොන්නරුව, වව්නියාව, ත්‍රිකුණාමලය, අම්පාර, කුරුණැගල, මාඋල්ල, බාගල යන ප්‍රදේශවල මෙම ජංගම විද්‍යාගාර ක්‍රියාත්මක වනු ඇති.

