තාත්තෙකුට මෙසේ කළ හැකිද ? දින 07ක බිළිදා රුපියල් 50,000කට විකුණයි

දින 7ක් පමණ වයසැති බිළිදෙකු රුපියල් පනස් දහසකට මිල දී ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පියා විසින් මෙම බිළිදා අලෙවි කර ඇති බවටයි විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.
අනුරාධපුර – මල්වතු පටුමග ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි බිළිදාගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කරනු ලැබුවා.
ඒ අනුවයි කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි බිළිදා මිල දී ගත් කාන්තාව සහ අතරමැදියෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු කටයුතු කර ඇත්තේ.
එමෙන්ම අලුත උපන් බිළිදෙකු වාරියපොළ – බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ වැව් පිටියක දමා යාමේ පුවතක් ද ඊයේ (25) වාර්තා වුණා.

