රට රැකියා කරන අයට විශ්‍රාම වැටුපක්

විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා ‘මනුසවි’ සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ.
විදේශ රැකියාවල නිරත වූවන්ගේ විශ්‍රාමික දිවිය සවිමත් කිරීම සඳහා මෙය හඳුන්වා දී ඇති අතර විදෙස්ගත ශ්‍රමිකයා ලබාදෙන දායකත්ව මුදල සහ කාලය අනුව ලබා ගන්නා විශ්‍රාම වැටුප තීරණය වේ.
ඒ අනුව, විදෙස්ගත වන අවස්ථාවේදී ම මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කළ හැකි අතර වයස අවුරුදු හැට සම්පූර්ණ වූ පසුව විශ්‍රාම වැටුප ලබා ගැනීමට හැකි වනු ඇත.
අද (සැප්. 26) දිනයේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ ශ්‍රවණාගාරයේදී ‘මනුසවි’ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ජනගත කර ඇති අතර එහිදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, විදෙස්ගත ශ්‍රමිකයින්ට ප්‍රතිඋපකාර දැක්වීම පිණිස මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ආරම්භ කළ බව ය.

