තොටළඟ කජිමාවත්තේ ගින්න ගැන පරීක්ෂණයක්

තොටළඟ කජිමාවත්තේ ගින්න ගැන පරීක්ෂණයක්

තොටළඟ කජිමාවත්ත ගින්න සම්බන්ධයෙන් කොළඹ දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර අපක්ෂපාතී පරීක්ෂණයක් පත්වන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අද (28) පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කර ඇති අතර, එහි දී ඔහු සඳහන් කර ඇත්තේ, පසුගිය වසර එකහමාර තුළ තුන්වරක් මෙම නිවාස පෙළෙහි ගිනි ගැනීම් සිදු වී ඇති බව යි.

මෙම නිවාස පෙළෙහි සිටින බහුතරයක් අනවසර පදිංචිකරුවන් බව ද විෂයභාර අමාත්‍යවරයා එහි දී සඳහන් කර තිබෙනවා.