බිත්තරවල උපරිම සිල්ලර මිල ඉවත් කරන්නැයි ඇමතිගෙන් ඉල්ලයි

උපරිම සිල්ලර මිල ඉවත් කර බිත්තරවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින් සංගමය අද වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුගෙන් ඉල්ලා තිබෙනවා.
ඒ ඔවුන් සහ වෙළඳ අමාත්‍යවරයා අතර අද එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි. ඊට පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් එක්වුණා.
මෙහිදී බිත්තර නිෂ්පාදනය කිරීම සඳහා යන සැබෑ වියදම නිරීක්ෂණය කිරීමට ද තීරණය වී තිබෙනවා.

